The Door
මම පොඩි කාලේ හොල්මන් ෆිල්ම් වලට සෑහෙන්න බයයි. ඒ නිසාම මම හොල්මන් ෆිල්ම් බලල තියෙන්නේ ගොඩාක් අඩුවෙන්.පස්සෙ පස්සේ ඒ බය ටිකෙන් ටික අඩුවෙලා ගියත් හොල්මන් ෆිල්ම් වලට තියෙන කැමැත්තෙනම් වෙනසක් උනේ නැහැ.ඒක තවමත් එහෙමයි මගේ ලොකු විශේෂ කැමැත්තක් හොල්මන් ෆිල්ම් වලට නැහැ.හැබැයි එහෙම කියලා හැම එකම නොබලා ඉන්නෙත් නැහැ.ඉඳලා හිටලා ෆිල්ම් එකක් දෙකක් බලනවා, හැබැයි අනිත් catagory වල ෆිල්ම් වලට සාපේක්ෂව ගොඩක් අඩුවෙන්.ඉතින් යාළුවනේ කොහොම හරි අද මම ලියන්න යන්නෙ ලඟදි මම බලපු අලුතෙන්ම released වෙච්ච Tamil Horror ෆිල්ම් එක ගැන.මේක මේ අවුරුද්දේ released වුන ෆිල්ම් එකක්.ඒ වගේම තමයි අති සංවේදී කතාවක් තමයි ෆිල්ම් එකපුරාවට ගෙතිල තියෙන්නෙ.ඉතින් මේ ෆිල්ම් එකට මේ වෙනකොට imdb 8.5ක ඉහල අගයක් හිමිවෙලා තියෙනවා.වෙනද වගේම අපි කතාව ගැන පොඩි සාරාංශයක් අරගමු.
මේ කතාවේ මිත්‍ර කියලා ගෘහ නිර්මාණ ශිල්පිනියක් ඉන්නවා.දවසක් මිත්‍රා වැඩක් සදහා නගරයටයට ගිහිල්ල ආපහු එන්න transport හම්බ වුණේ නැති නිසා බස් හෝල්ට් එකකට වෙලා ඉන්නවා බස් එකක් එනකන්.නමුත් ඔන්න එකපාරටම මිත්‍රාට කව්දෝ ගෑණු කෙනෙක් අඬන ශබ්දයක් ඇහෙනවා.නමුත් එහෙම කෙනෙක් ළඟ පහතට නැති නිසා මිත්‍රාට හිතාගන්න බැහැ මේ සද්දෙ ඇහෙන්නේ කොහෙන්ද කියලා.නමුත් එකපාරටම මිත්‍රා දකිනවා කලින් හිටපු නැති ගෑනු කෙනෙක් මිත්‍රාට පිටුපාල වාඩිවෙලා ඉන්නවා කියලා.මිත්‍රා එකපාරටම ගැස්සිලා මේ ගෑනු කෙනා කවුද කියලා බලන්න යද්දිම මේ ගෑණු කෙනා එකපාරටම නැති වෙලා යනවා.උනේ මොකක්ද කියලා මිත්‍රට හිතා ගන්න බැරි උනත් මිත්‍රා ඒ ගැන ලොකුවට හිතන්නෙ නැතුව එයාගේ බෝඩිමට නැවත එනවා.නමුත් මින් පස්සේ ඇඟ කිලි පොලායන විවිධ සිද්ධීන්ට මිත්‍රට මුහුණ දෙන සිද්ධ වෙනවා.කාන්තාවකගේ අවතාරයක් වගේම කව්දෝ තව ගැහැණු ළමයෙක්ගේ අවතාරයකුත් මිත්‍රට පේන්න ගන්නව.ඒ වගේම මේ අතරතුර මේ නගරයේ අද්භූත සියදිවි නසා ගැනීම් කිහිපයකුත් සිද්ධ වෙනවා.ඉතින් මේ මොකක්ද වෙන්නේ? මේ සිද්ධීන් දෙක අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? ඒ ගැන දැනගන්නනම් ඔයාට මේ ෆිල්ම් එක කුතුහලයක් සහිතව බලන්න වෙනවා.